මීයා චීස් කයිද?


දිනක් මහාචාර්යවරයෙක් සිසුන් විශාල ප්‍රමාණයක් සිටින දේශන ශාලාවකට දිගෙන් වැඩි කුඩුවක් රැගෙන විත් මේසය මත තබන ලදී.ඉන්පසු පිරිමි මීයෙකු ගෙන කුඩුවේ හරි මැද තබා එක කෙළවරක ගැහැණු මීයෙකුද අනෙක් කෙලවරේ කේක් කෑල්ලක්ද තබා සිසුන් හට නිරීක්ෂණය කරන්නට යයි පැවසීය.මීයා ටික වෙලාවක් ඉව අල්ලා කේක් කෑල්ල වෙත ගොස් එය ආහාරයට ගන්නට විය.නැවත වරක් කේක් කෑල්ල වෙනුවට චීස් කෑල්ලක් තබා නැවත සිසුන් හට කරන්නට යයි පැවසීය.පෙර පරිදිම මීයා චීස් කෑල්ල වෙත ගොස් එය ආහාරයට ගන්නට විය.මෙසේ කිහිප වතාවක් විවිධ අහාර වර්ග තබා නිරීක්ෂණය කලද දැකිය හැකි වුයේ සමාන ක්‍රියාවලියකි.
නැවත දේශනය ඇරඹු මහාචාර්යවරයා, " පැහැදිලියි නේද... මිහිපිට ජීවියෙකුට අත්‍යාවශ්‍යම සහ ආකර්ශනයෙන් වැඩිම දෙයක් තිබේ නම් ඒ ආහාරය පමණයි..".
එවිට පිටුපස පේලියෙන් නැගී සිටි සිසුවෙකු " සර් , පොඩ්ඩක් ගැහැණු මීයව මාරු කරල බලමුද ... සමහරවිට ඒ අරුගේ wife ද දන්නෙ නෑ" යයි පවසා වාඩිවිය..

* උපුටා ගැනීමකි *

Comments

Popular posts from this blog

නින්ද

ඔට්ටුව

ටානියා